එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු Sheikh Mohammed bin Rashid Al Maktoum විසින් පසුගියදා අනාගත කෞතුකාගාරය (the Museum of the Future) විවෘත කරන ලද අතර, ඩුබායි හි නව සංකේතාත්මක සන්ධිස්ථානය සමස්ත මානව වර්ගයා සඳහාම බලාපොරොත්තුවේ නව පණිවිඩයක් සමඟින් ලොවට නිල වශයෙන් දොරටු විවෘත කළේය.
මීටර් 77 ක් උස වාස්තුවිද්‍යාත්මක ආශ්චර්යය අනාගතය අධ්‍යයනය කිරීමට, පරිකල්පනය කිරීමට සහ සැලසුම් කිරීමට කලාපයේ විශාලතම වේදිකාව සපයනු ඇත. එය නව විද්‍යාත්මක හා බුද්ධිමය මධ්‍යස්ථානයක් වන අතර එහිදී විද්‍යාව, තාක්ෂණය, පර්යේෂණ සහ නවෝත්පාදන යන ක්ෂේත්රවල දීප්තිමත්ම දක්ෂතා හෙට ලෝකයට විසඳුම් සෙවීමට එක්වනු ඇත.
වෙනස්ම හැඩයකින් යුතු ගොඩනැගිල්ලකින් යුතු මෙම කෞතුකාගාරය හඳුන්වා ඇත්තේ “අනාගතයේ කෞතුකාගාරය” ලෙසයි.
ඕවලාකාර හැඩයකින් යුතු මෙම ගොඩනැගිල්ල කොන්ක්‍රීට් කණු රහිතව නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වනවා.
එමෙන්ම අනාගත තාක්ෂණික සොයාගැනීම් ප්‍රදර්ශනයට තැබීම සඳහා එය යොදාගැනීම බලධාරීන්ගේ අපේක්ෂාවයි.
අභ්‍යන්තර සැකිල්ල සම්පූර්ණයෙන්ම මළ නොබැඳෙන වානේ වලින් සකස්කර ඇති මෙම ගොඩනැගිල්ල මත පිටතින් පිහිටා ඇති වීදුරු මත අරාබි අක්ෂර සටහන් කර තිබෙනවා.
එහි සටහන් කර ඇති එක් ජනප්‍රිය වදනක් බොහෝ දෙනාගේ අවදානයට යොමු වී තිබුණා.
“අනාගතයේ අයිතිය සතු වන්නේ ඒ පිළිබඳව සිහින දකින අයට, එය නිර්මාණය කරන අයට වගේම ඒ වෙනුවෙන් කටයුතු කරන අයටයි.”