තලේබාන් සංවිධානයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තල්ලුවක්.

0
307

ඇෆ්ගනිස්ථානයේ වර්තමාන තලෙයිබාන් පාලකයන් හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා පොපි වගාවේ නිරතවීම ඇතුලු ඊට අදාළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව වාර්තා වේ.

ඇෆ්ගන් වාර්තා සදහන් කරන්නේ, පොපි වගාව, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ආශ්‍රිත නීතිවිරෝධී ජාවාරම් වැලැක්වීමට කටයුතු කරන බව ඇෆ්ගන් බලධාරීන් ප්‍රසිද්ධියේ පවසන බවයි.

එහෙත් කුඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තලේබාන් සංවිධානය මේ වන විට මර්දනයක් ක්‍රියාත්මක කර තිබුණද විශාල වෙළෙඳුන්ට සිය ජාවාරම් පවත්වාගෙනයාමට අවසර ලබා දී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

පොපි වගාව සහ මත්ද්‍රව්‍ය ජාවාරම තලේබාන්වරුන්ට විශාල අදායමක් සපයන බවත් බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු වන්නේ ඉරානය හරහා බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here