Wednesday, November 20, 2024

කැමරන් ගියත් ලැරී නොයයි

රාජ්‍ය නායකයන් සිය ධුර කාලයෙන් ඉවත්වීමේදී තම සමාජිකයන්ද සමග නිල නිවසෙන් ඉවත්වීම සාමාන්‍ය කරුණකි. එසේ ඉවත් වන රාජ්‍ය නායකයන් සමග නිල නිවසේ මතෛක් ආරක්ෂාවට, සුරතලයට ඇති කළ සුනඛයන්, බළලන්ද රැගෙන යයි. නමුත් මේ දිනවල විශාල වශයෙන් කතාබහට ලක්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඩවුනිග්ස් ස්ටී්‍රට්හි අංක 10 පිහිටි අගමැති නිල නිවසේ වෙසෙන “ලැරී” නම් සුරතල් බළලා සම්බන්ධවයි.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඊයේ (13) සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව  සිය පවු‍ලේ සාමාජිකයන් ඉවත්ව ගියත් 2010 වසරේ කැමරන් අගමැති ධුරයට පත්වීමෙන් පසු අගමැති නිල නිවසේ ප්‍රධාන මී දඩයම්කරුවා ලෙස කටයුතු කළ “ලැරී”ගේ පැවැත්ම පිළිබඳවද මෙලෙස ප්‍රශ්නයක් පැන නැගී ඇත. එහෙත් “ලැරිගේ රැකියාව“ සුරක්ෂිත කිරීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. අගමැති නිල නිවසේ මී දඩයම්කරුවා ලෙස සේවය කළ ලැරී ඊයේ සිට අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ තෙරේසා මේ සමගද ඉදිරියටත් රැදෙනු ඇතැයි කැබිනට් මණ්ඩල කාර්යාලය පෙරේදා වාර්තා කර තිබේ. “ලැරි” සිවිල් සේවා බළලෙකි. ඒ නිසා ඌ කැමරන්ට අයිති නෑ. ලැරි දිගටම අගමැති නිල නිවසේ ඉඳිවී යැයි කැබිනට් කාර්යාලයෙන් පවසා තිබේ.

ලැරි 2011 වසරේදී සුනඛයන් හා බළලුන් සඳහා වෙන් වූ නිවාසයකින්  අග්‍රාමාත්‍ය නිල නිවසට ගෙන තිබේ. දුඹුරු සහ සුදු පැහැයට හුරු පුෂ්ටිමත් සිරුරක් ලැරීට හිමිව තිබේ. ලැරී සතුන් දඩයම් කිරීමේ සුවිශේෂී හැකියාවකින් යුත් බළලෙකු නිසාම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල නිවසේ මීයන් ඇල්ලීමේ රාජකාරිය  සඳහා ලැරී සුවිශේෂි වී සිටී.ස්ටාල්වෝර්ට් රැටර් හම්ප්‍රි නම් බළලා 1997 වසරේ විශ්‍රාම යාමෙන් පසු ප්‍රථම වරට එම ධුරයට පත්වූ බළලා ලෙසින්ද ලැරී සැලකේ. අගමැති නිල නිවසට පැමිණි ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු රාජ්‍ය නායකයන්ගේද ආදරයට ලැරි පාත්‍ර විය. අගමැති ඩේවිඩ් කැමරන්ගේ නිල කාලය තුළදී අවස්ථා කිහිපයකදීත් පැවැත්වූ මාධ්‍ය හමුවලදි කැමරා ඇසට හසුවීමෙන් කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙන්නටත් ලැරි සමත් විය.lary 2

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles