Tuesday, November 19, 2024

පාප් වහන්සේ රෝමයේ රුසියානු තානාපති කාර්යාලයට

යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කිරීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට ගොස් තිබෙනවා.

යුක්‍රේනයේ යුද්ධය පිළිබඳ උන් වහන්සේගේ කනස්සල්ල රුසියානු තානාපති කාර්යාලයට පුද්ගලිකව ම ප්‍රකාශ කිරීමට මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සාමාන්‍යයෙන්, පාප් වහන්සේලා වතිකානුවේදීයි තානාපතිවරුන් සහ රාජ්‍ය නායකයින් පිළි ගැනීම සිදු කරනු ලබන්නේ.

රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයන්ට අනුව සිදුවන්නේ වතිකානු විදේශ අමාත්‍යවරයා හරහා රුසියානු තානාපතිවරයා කැඳවන ලෙස ඉල්ලා සිටීමයි.

වතිකානුවේ නායකයා වන පාප් වහන්සේ ඉන් ඉවත් වී රුසියානු තානාපති කාර්යාලයට යාම, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම කෙරෙහි උන්වහන්සේගේ කෝපයේ ලකුණක් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම ගැටුම් එය අවසන් කරන ලෙස පෞද්ගලිකව ආයාචනා කිරීමයි ශුද්ධෝත්තම පාප් වහන්සේගේ කැමැත්ත වී ඇත්තේ.

වතිකානු නිලධාරීන් පැවසුවේ මීට පෙර පාප් වහන්සේ නමක් මෙලෙස ක්‍රියාකිරීමක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවයි.

වතිකානු ප්‍රකාශක Matteo Bruni පාප් වහන්සේගේ මෙම සංචාරය තහවුරු කර ඇති අතර, උන් වහන්සේ තානාපති කාර්යාලයට ගොස් යළි පැමිණ ඇත්තේ සුදු පැහැති මෝටර් රථයකින්.

රුසියානු තානාපති කාර්යාලයට ගිය පාප් වහන්සේ යුද්ධය පිළිබඳ සිය කනස්සල්ල ප්‍රකාශ කර පැය භාගයකට වැඩි කාලයක් එහි ගතකර තිබෙනවා.

මෙම ගැටුම අවසන් කිරීම සඳහා සංවාදයක් ඉල්ලා ඇති අතර ලබන බදාදා යුක්රේනයේ සාමය සඳහා යාඥා දිනයක් ලෙස සකස් කරන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

සිවිල් වැසියන්ට හානි කරන සහ “ජාත්‍යන්තර නීතිය අපකීර්තියට පත් කරන” ක්‍රියාවලින් වළකින ලෙස දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටීමට බදාදා දින දේව මෙහෙයේදී උන්වහන්සේ බලාපොරොත්තුවෙන් පසුවනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles