යුක්‍රේනයේ ජනාධිපතිවරයාට යුක්‍රේනයෙන් ඉවත් වන්නැයි ඇමරිකා එක්සත් ජනපදය විසින් කළ යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත.
‘යුද්ධය තියෙන්නේ මෙහෙ. මට ඕන පතරොම් නැතිව දිවීමක් නොවෙයි’ යැයි යුකේ‍්‍රන ජනාධිපති වොලොදිමීර් සෙලෙනස්කි පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රුසියානු හමුදාව වේගයෙන් යුක්රේනය අත්පත් කර ගනිමින් සිටින බවත් බටහිර හා යුරෝපා මිතුරන් ගෙන තමන්ට කිසිදු සහායක් නොලැබෙන බවත් යුක්රේන ජනාධිපතිවරයා මාධ්‍ය අමුතමින් ප්‍රසිද්ධියේ කියා සිටියේ ය.
ඩොලර් මිලියන 350ක හමුදාමය ආධාර යුක්‍රේනය වෙත යැවීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.
රුසියානු හමුදා කියේව් නුවර ආක්‍රමණය කිරීමට පටන් ගත් දිනයේදී සති අන්තය ගත කිරීම සඳහා ජෝ බයිඩන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගොස් තිබුණා.
සිය සති අන්ත නිවාඩුව අවසන් කරමින් වොෂින්ටනයට පැමිණි ඇමරිකානු ජනපතිවරයාගේ නියෝගය මතයි මෙසේ යුක්‍රේනයට අවශ්‍ය හමුදා ආධාර ලබා දීමට කටයුතු කර තිබුණේ.
ඊට අමතරව තවත් ඩොලර් මිලියන 250ක් කිසිඳු නීතිමය ප්‍රතිපාදනයකින් තොරව ආධාර වශයෙන් පිරිනැමීමටද ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.
රුසියානු හමුදා යුක්‍රේන ජනාධිපතිවරයාව මරා දැමීමට හෝ ඔහුව රුසියානු හමුදා භාරයට ගැනීමට හමුදා කණ්ඩායම් යැවූ බව වාර්තා වීමත් සමඟ ඔහු රැඳී සිටින යුක්රේනය කියැවූ අගනුවරින් ඉවත් වන ලෙසයි ඇමරිකානු බුද්ධි අංශය වොලොද්මියර් සෙලන්ස්කිහට දන්වා තිබුණේ.
කෙසේ නමුත් මෙම යෝජනාව යුක්‍රේන ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
කෙසේ නමුත් අද පස්වරුව වන විට කියෙව් නුවර රුසියානු හමුදාව විසින් අත්පත් කර ගනු ඇති බවයි යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
යුක්‍රේන ජනපතිවරයා කියේව් නුවරින් බැහැර වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි ජෝ බයිඩන් මෙසේ යුධ ආධාර යුක්‍රේනය වෙත ලබාදීමට කඩිනමින් කටයුතු කර ඇත්තේ.