වැසි ජලය නැති නිසා තවත් මාස තුනක් විදුලිය කැපෙයි ?

0
502

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් ලෙස වැසි ලැබී ජලාශ පිරෙන තුරු තවත් මාස තුනක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

එලෙස විදුලිය කප්පාදුව සිදුකළද විදුලිය කප්පාදු කරන වේලාවන් අඩු වැඩි විය හැකි බවද පැවසේ.

ඒ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය වෙත පැවසුවේ දැනට විදුලිබල නිෂ්පාදන ජලාශවල ජලය විදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් වන්නේ තවත් සති දෙකකට පමණක් වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here