පසුගිය දිනවල ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කල තොරතුරු මත ඔහු හට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා කල නියෝගය තවමත් ක්‍රියාත්මක වි නොමැත.
සිය නිවෙසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොපැවැත්වෙන බව පවසමින් සමරවික්‍රම මහතා යළිත් නීති මගට පිවිසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව නිවසට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව පෙන්වා දෙන සමරවික්‍රම මහතා අධිකරණය මගින් තමන්ට ලබා දෙන ලෙස කී ආරක්ෂාවද මෙතෙක් ලැබී නොමැති බවද පෙන්වා දී තිබේ.
චමුදිත සමරවික්‍රම මහතා වින්දිතයන් ආරක්ෂා කිරිමේ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත තමාට ආරක්ෂාව ලබා දීමට අධිකරණය ලබා දුන් නියෝගය තවමත් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව සහ ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා ලිඛිතව දැනුම් දීමට සුදානම් වන බව දන්වා සිටියා. එසේම ඔහුගේ නීතිඥයා සදහන් කලේ අධිකරණයට නැවත මෝසමක් ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව සදුදා දිනයේදී ඒ මහතාගේ නීතීඥයන් යළි අධිකරණ මාර්ගයට පිවිසීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.