Wednesday, October 16, 2024

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක යුද ආධාර

රුසියානු ආක්‍රමණයට මුහුණ දී සිටින යුක්රේනය වෙත ඩොලර් මිලියන 350ක් වටිනා යුද ආධාර ලබාදෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

යුක්රේනයේ ආරක්ෂාව උදෙසා එම යුධ ආධාර සපයන ලෙසයි ජනපති බයිඩ්න් සිය රාජ්‍ය ලේකම්වරයා හරහා දන්වා ඇත්තේ.

රුසියානු හමුදා කියේව් නුවර ආක්‍රමණය කිරීමට පටන් ගත් දිනයේදී සති අන්තය ගත කිරීම සඳහා ජෝ බයිඩන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගොස් තිබුණා.

ඊට අමතරව තවත් ඩොලර් මිලියන 250ක් කිසිඳු නීතිමය ප්‍රතිපාදනයකින් තොරව ආධාර වශයෙන් පිරිනැමීමටද ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

සිය සති අන්ත නිවාඩුව අවසන් කරමින් වොෂින්ටනයට පැමිණි ඇමරිකානු ජනපතිවරයාගේ නියෝගය මතයි මෙසේ යුක්‍රේනයට අවශ්‍ය හමුදා ආධාර ලබා දීමට කටයුතු කර තිබුණේ.

රුසියානු ආක්‍රමණිකයාට එරෙහි ව සන්නද්ධ වීමට සහාය වන්නැ යි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුව, ඒ සඳහා පාර්ශවකරුවන්ගේ සහාය ලැබෙන බව පසු ව ඔහු කියා සිටියා.

මේ අතර, රුසියානු හමුදා ප්‍රකාශ කළේ, දකුණු දිග යුක්රේන නගරයක් වන මෙලිටොපොල් තමන් අත්පත් කර ගත් බව යි.

මෙි වන විට රුසියානු හමුදා විසින් කීව් අගනුවර ඇතුළු එරට ප්‍රධාන නගර වෙත කාල තුවක්කු සහ කෲස් මිසයිල ප්‍රහාර අඛණ්ඩ ව එල්ල කරන බව සඳහන් වෙි.

රුසියානු හමුදා යුක්‍රේන ජනාධිපතිවරයාව මරා දැමීමට හෝ ඔහුව රුසියානු හමුදා භාරයට ගැනීමට හමුදා කණ්ඩායම් යැවූ බව වාර්තා වීමත් සමඟ ඔහු රැඳී සිටින යුක්‍රේනය කියැවූ අගනුවරින් ඉවත් වන ලෙසයි ඇමරිකානු බුද්ධි අංශය වොලොද්මියර් සෙලන්ස්කිහට දන්වා තිබුණේ.

කෙසේ නමුත් මෙම යෝජනාව යුක්‍රේන ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

මෙම සටහන ලියවෙන මොහොත දක්වා තවමත් යුක්‍රේනයේ කියෙව් අගනුවර දරුණු සටන් ඇති වන බවත් රුසියානු හමුදාවන්ට කියේව් නුවර බලය අල්ලා ගැනීමට නොහැකි වී ඇති බවත් වාර්තා වනවා.

යුක්‍රේන ජනපතිවරයා කියේව් නුවරින් බැහැර වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි ජෝ බයිඩන් මෙසේ යුධ ආධාර යුක්‍රේනය වෙත ලබාදීමට කඩිනමින් කටයුතු කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles