Wednesday, October 16, 2024

රුසියාවට දැමූ සම්බාධකවලින් ශ්‍රීලංකාව බැරෑරුම් තත්ත්වයක ! තේ අපනයනය සහ සංචාරක ව්‍යාපාරය හාන්සියි

රුසියාව වෙත ඇමරිකාව යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් එල්ල වන බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශ‍්‍රී ලංකාවේ ප්‍රධානතම තේ අපනයනකරුවකු වන රුසියාව සමග මේ හේතුවෙන් සදු කරන ගනුදෙනු වලට ඍජු බලපෑම් එල්ල වෙනු ඇත.

මේ හේතුවෙන් තේ අපනයනයේ දී ඒ වෙනුවෙන් ලැබෙන මුදල් ලබාගැනීමද ගැටලුකාරී වනු ඇති බවද පවසන ඔවුන් රුසියානු බැංකු පද්ධතිය සමග වෙනම ගනුදෙනු කළ හොත් යුරෝපා රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෘණාත්මක ආකල්ප ඇති කරගෙන ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.

මීට අමතරව ආසන්න කාලයේ දී මෙරට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව යුක්රේනය ඇතුළු රටවල් වලිනි. එම ප්‍රමාණය ආසන්න වශයෙන් 30% පමණ වේ. ඇති වී තිබෙන යුදමය තත්ත්වය මත එම ප්‍රමාණය අඩු වී යාම වැළැක්විය නොහැකි තත්ත්වයක් වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles