පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ – සිවිල් ගුවන් සේවා අධිකාරිය

0
271

පූර්ණ එන්නත්කරණය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මාර්තු 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ව කොරෝනා පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

දිවයිනට පැමිණීමට සති දෙකකට පෙර පූර්ණ එන්නත්කරණය ලැබූවන්ට මෙලෙස පූර්ව කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නොවන බවයි එහි සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ.

එහිදී එන්නත් මාත්‍රා දෙකක් ලබාගැනීම පූර්ණ එන්නත්කරණය ලෙස සළ අතර, වයස අවුරුදු 18ට අඩු ළමයින් සඳහා එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටීම පූර්ණ එන්නත්කරණය ලෙස සැලකෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here