Sunday, November 17, 2024

යුක්‍රේන සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවේ වීසා දීර්ඝ කිරීමට රජය තීරණය කර කරයි

රුසියානු-යුක්‍රේන යුද්ධය හේතුවෙන් තම මව් රටට යාමට නොහැකි වූ යුක්රේන සංචාරකයින් සඳහා වීසා දීර්ඝ කිරීම පිළිබඳව රජය සලකා බලමින් සිටියි.

ඒ සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවද ඇමැතිවරයා කීය.

වීසා නිකුත් කරනු ලබන්නේ සාමාන්‍යයෙන් අවම වශයෙන් මාසයක් සඳහා පමනි. ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයින් සඳහා වීසා බලපත්‍ර කල් ඉකුත් වන දිනය සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දැනට මෙරට රැඳී සිටින යුක්රේන සංචාරකයින් සංඛ්‍යාව 4000කට ආසන්නය. රුසියානු සංචාරකයින් 11,500ක් ද ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles