අධ්‍යාපන සමූපකාර සේවකයන්ගේ වර්ජනය පස්වන දිනට අදත්

0
262

සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් දිවයින පුරා අධ්‍යාපන සමූපකාර සමිතිවල සමාජිකයන් අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ. වර්ජනය හේතුවෙන් සිය ගණුදෙණු කටයුතු සිදු කිරීමට නොහැකි තත්වයක් හටගෙන ඇති බව ඔවුන් සඳහන් කළා.

ඊයේ දිනයේදී වර්ජනයට එරෙහිව කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලය ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල අධ්‍යාපන සමූපකාර සමිති කාර්යාල ආශ්‍රිතව සාමාජිකයන් විරෝධතාවල නිරත වුණ අතර අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය සඳහන් කළේ සිය වැටුප් හා දීමනා ගැටලු වලට විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අද පස් වන දිනටත් අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් පත් කල කමිටුවක් මගින් නිර්දේශ කල රුපියල් දස දහසක දීමනාව සහ රජය මගින් පසුගියදා ලබා දීමට අනුමත කල රුපියල් 5,000 දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් වර්ජනය ආරම්භ කල පසු දිවයින පුරා සිටින අධ්‍යාපන සමූපාකාර සේවකයන් පසුගිය 25 වනදා කොළඹ දී විරෝධතාවයේ නිරත වෙමින් සමූපාකාර කොමිෂන් සභාව වෙත කඩා වැඳී එහි ලේකම්වරිය සමග සාකච්ඡාවකද නිරත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here