කිරම – කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ රට තුළ සංවර්ධනයක් නොමැතිව රැකියා අවස්ථා නිර්මාණය කළ නොහැකි බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා පවසා සිටියේ වර්තමාන ආණ්ඩුව පත්වූ දින සිට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උත්සහයත් සමඟ මේ රටේ අලුත් නැම්මක් ඇති වුණ බවයි. එක පළාතකට සීමා වෙන්නේ නැතුව මුළු ලංකාවේ ම එක හා සමානව මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණ බවද ඔහු පවසා සිටියා.
රට තුළ සංවර්ධනයක් නොමැතිව රැකියා අවස්ථා නිර්මාණය කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කිරම – කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
“පහුගිය ආණ්ඩුව කාලයේ දී මේ ප්‍රදේශයේ තිබුණ සංවර්ධනය ඇණහිටියා. මුළු රටේම සංවර්ධන කටයුතු ඇණහිටලා තියෙනවා. අපි ආරම්භ කරපු සංවර්ධනය අතරමඟ නැවතුනා. අපෙන් පළිගන්න හිතාගෙන නැවැත්තුවා කිසිම දෙයක් කරේ නෑ. හුදෙක් කාගෙන් ද පළිගත්තේ, මේ හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් එහෙම නැත්නම් මේ රටපුරා හිටිය ජනතාවගෙන් පළිගැනීම තමයි අවසානයේ දී සිදුවුණේ. අද හැම පළාතකම අලුත් සංවර්ධනයක් ඇතිවෙලා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ රටේ අලුත් නැම්මක් ඇති වුණා. රට සංවර්ධනය කරා ගමන් කෙරුවා. එක පළාතකට සීමා වෙන්නේ නැතුව මුළු ලංකාවේ ම එක හා සමානව මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා වාසුදේව නානායක්කාර මහතාට මේ ප්රශ්නය විසඳන්න පියවර ගැනීම පිළිබඳව. ඒ වගේම සියලුදෙනා එකතු වෙලා මේ රට ගොඩනඟන්න කටයුතු කරන්නවා කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ තරුණ පරපුරට රැකි රක්ෂා අවශ්‍යතාවය ඇති කරන්න නම් වහාම රට තුළ සංවර්ධනයක් ඇති වෙන්න ඕනේ. සංවර්ධනයක් නැතුව රැකියා අවස්ථා ලබාදෙන්න පුළුවන් වෙන්නේ නෑ. ඒකට මුල්තැන දීලා කර්මාන්ත ඇති කරගෙන අපි ඉදිරියට ගමන්කරනවා කියලා අපි මතක් කරනවා.” ලෙස මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.