ඉදිරියේදී ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි – CEYPETCO

0
249

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට සිදුවිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පසුගියදා කොළඹ වරායට පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,500ක නැවෙන් ගොඩබෑ ඞීසල් ප‍්‍රමාණය ඉදිරි දින කිහිපයේදී අවසන්වීමෙන් පසු යළි නියමිත කාල සීමාවට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වුවහොත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.

එසේ වුවහොත් පෞද්ගලික ප‍්‍රවාහන සේවාවන් රැසක් අඩපණවිය හැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here