ඇමතිවරුන් හා පොලිසිය එක්ව රට පුරාම ඉඩම් කොල්ලයක -යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානය පවසයි

0
276

ශ්‍රී ලංකාවේ පොලීසිය සහ පාතාලය යනු දෙකක් නොව එකක් බව සත්‍ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානය පවසයි.
රට පුරාම වටිනා ඉඩම් කොල්ල කමින් සිටින බවත් මීට ඇමතිවරුන් ඇමති ආරක්ෂකයින් පොලිසිය හා බැංකු සම්බන්ධ බවත් එම සංවිධානයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා හා අනුර ගුණරත්න යන මහත්වරුන් පෙන්වා දෙති.

ඉඩම් කොල්ලයට අවශ්‍ය විස්තර දෙන්නේ බැංකු බවත් අහිංසක වියපත් මිනිසුන්ගේ ඉඩම් පොලීසිය සමඟ එකතුවී තර්ජනය කර බලෙන් ලියා ගන්නා බවත් ඔවුහු කියා සිටිති.

බොරු නඩු දමමින් අධිකරණය අධික අවභාවිත කරමින් සිටින බවත් දේශපාලකයන් වරදකරුවන් රකින බවත් ඔවුන් පවසති.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවක දී ඔවුන් මෙම අදහස් පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here