රුසියාව තම රට ආක‍්‍රමණය කරන කොට නේටෝ සංවිධානය අපිව තනි කළා – සෙලෙන්ස්කි

0
513

රුසියාව තම රට ආක‍්‍රමණය කරන විට නේටෝ සංවිධානයේ සහාය ලැබේ යැයි අපේක්‍ෂා කළ ද ඔවුන් තමන් තනි කළ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මහතා මාධ්‍ය අමතමින් පැවසීය.

නේටෝ සංවිධානය සහ බටහිර රටවල් රුසියාවට බියෙන් මෙසේ සිදු කළ බවත් දැන් යුක්‍රේනයේ පිහිටට ඇත්තේ යුක්‍රේනය පමණක් බවත් ඔහු සඳහන් කළේය.

තම රට සමග එක්ව රුසියාවට එරෙහිව යුද්ධ කරන්න කිසිදු රටක් කැමැති නැති බවත් රුසියාව සමග ගැටලු නිරාකරණය කරගැනීමට සාකච්ඡා කිරීම සඳහා තමා බිය නැති බවත් එසේ සාකච්ඡා කිරීමට රුසියාවෙන් තම රටේ ආරක්‍ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්‍ය බවත් ඔහු කීවේය.

නේටෝ සංවිධානයට අයත් රටවල් 27 යුක්රේනය සමග යැයි පැවසුවත් ඔවුන් තම රටට එහි සාමාජිකත්වය ලබාදීමට කැමැති නැති බවත් යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here