වසන්ත සමරසිංහගෙන් අදත් පැමිණිල්ලක්

0
299

ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (14) දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසුවේ ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ පාඩුව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවයි.

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඊයේ (13) ති‍්‍රපුද්ගල කමිටුවක්ද පත් කළා.

මේ අතර පෞද්ගලික සමාගමකින් ලබාගත් රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිත කළ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොණු කළේද දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here