යුක්රේන සහ රුසියානු කණ්ඩායම් අතර පළමු සාකච්ඡාව බෙලාරුස් බෝඩරයේදී

0
284

ඉරිදා දහවල් බෙලාරුස් හි ස්වයං ප්‍රකාශිත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යුක්රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇමතූ අතර, රුසියාව සමග සාකච්ඡා ඇරඹීමේ මැදිහත්වීම සිදු කර තිබුණි. ඒ අනුව යුක්රේන නියෝජිත පිරිස ප්‍රිප්යාට් ගඟ අසල දේශසීමාවේ දී රුසියානු දූත පිරිස හමුවීමට එකඟ වූහ.

“ප්‍රිප්යාට් ගඟ අසල යුක්රේන-බෙලාරුසියානු දේශසීමාවේ දී යුක්රේන දූත පිරිස රුසියානු දූත පිරිස පූර්ව කොන්දේසියකින් තොරව හමුවනු ඇති බවට දේශපාලනඥයන් එකඟ වී”යැයි ප්‍රවුදා පුවත් සේවය තහවුරු කළේය.

යුක්රේන නියෝජිතයින්ගේ සංචාරය, සාකච්ඡා සහ ආපසු පැමිණීමේදී බෙලාරුසියානු භූමියේ ස්ථානගත කර ඇති සියලුම ගුවන් යානා, හෙලිකොප්ටර් සහ මිසයිල ක්‍රියාත්මක නොකර භූමියේ රඳවා පවත්වන බවට සහතික කිරීම සඳහා ජනාධිපති ලුකාෂෙන්කෝ වගකීම භාරගෙන ඇත.

මීට පෙර රුසියාව පැවසුවේ යුක්රේනය බෙලාරුස් දේශසීමාවේ සාකච්ඡා කිරීමට එකඟ බවයි. කෙසේ වෙතත් යුක්රේනය මුලදී දන්වා සිටියේ මිසයිල යවන තැන්වල සැකච්ඡා බැරි බවටය.මේ අනුව යුක්රේනය සිය කණ්ඩායම් සාකච්ඡාවට යැවීමට කැමැත්ත පළ කර ඇත.

Gossip lanka news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here