Sunday, September 22, 2024

රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන SBU ඔත්තු සේවය නිකුත් කරයි

ගොස්ටොමෙල් අසල යුක්රේන ආරක්ෂක අංශ විසින් බෝම්බ හෙලූ අවස්ථාවේ සොයාගත් රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන තමන් භාරයට ගෙන ඇති බව යුක්රේනයේ ආරක්ෂක සේවය වාර්තා කරයි. SBU නමින් හඳුන්වන යුක්රේන ඔත්තු සේවාව මෙම ලේඛන ප්‍රසිද්ධ කර ඇත්තේ රුසියානු නායකයාගේ නිරුවත හෙළි කිරීම සඳහාය.

ලෝකයට එකක් කියමින් තම හමුදාව ලවා තව එකක් කරවන නායකයෙකු ලෙස ඔවුන් පුටින්ව හඳුන්වාදී ඇත.
ලැබුණු ලියකියවිලි උසාවිය සඳහා සාක්ෂි පදනමක් ලෙස පාවිච්චි කළ හැකි බව SBU අවධාරණය කරයි, ඔවුන් සතුරා කවුදැයි ලෝකයට කියන්නට මෙය කල් ඇතිවම ප්‍රසිද්ධ කර තිබේ. ආක්‍රමණිකයන්ගේ රහස් සැලසුම මේවනවිටත් යුක්රේන ඔත්තු සේවා අධ්‍යනය කරමින් සිටියි.
“දැන් යුක්රේන රහස් සේවය සහ සන්නද්ධ හමුදාවන්ට රුසියානු ආක්‍රමණිකයන් පිළිබඳ පුද්ගලික දත්ත මෙන්ම ආක්‍රමණික රට විසින් භාවිතා කරන රහස් මුරපද සහ කේතාංක ද ලැබී ඇත. මෙය සතුරාගේ බාධා කළ සංවාදවල සාරය තේරුම් ගැනීමට උපකාරී වේ.” එස්බීයු සටහනෙ දැක්වේ.

ලේඛන අතර පහත සඳහන් දෑ ද ඇති බව සටහන් වේ.
▪️සොල්දාදුවන් සහ අණ දෙන නිලධාරීන්ගේ ඇමතුම් සංඥා සමඟ සටන් බේරුම්කරණය;
▪️ ආක්‍රමණිකයින්ගේ ක්‍රියා යෝජනා ක්‍රම: ප්‍රහාර, පසුබැසීම, ඉන්ධන පිරවීම යනාදිය;
▪️සතුරාගේ කොන්දේසි සහිත සංකේත, විශේෂයෙන්ම පාලන විධාන විකේතනය කිරීම.

(ප්‍රවුදා පුවත් සේවය ඇසුරිනි – Gossiplankanews.com)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles