Sunday, September 22, 2024

Facebook, Instagram සහ Youtube රුසියානු රාජ්‍ය මාධ්‍යවලට සීමා පනවයි

Facebook හි මව් සමාගම වන Meta විසින් සියලුම රුසියානු මාධ්‍ය ආයතන Facebook සහ Instagram හි දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් කර ඇත. වීඩියෝ ප්‍රවාහ වේදිකාව යූ ටියුබ් රුසියානු රාජ්‍ය මාධ්‍ය RT ඇතුළු නාලිකා කිහිපයක් තහනම් කර ඇත.

තවද Meta ( Facebook) සමාගම විසින් යුක්රේනයේ රුසියානු රාජ්‍ය පාලිත ගිණුම් කිහිපයකට ප්‍රවේශය අවහිර කර ඇත. ඔවුන්ගේ රටවල මෙම ගිණුම් වෙත ප්‍රවේශය සීමා කරන ලෙස අනෙකුත් රජයන් කරන ඉල්ලීම් ද සමාලෝචනය කරමින් සිටින බව සමාජ ජාලය පවසයි. මෙටා හි ගෝලීය කටයුතු පිළිබඳ උප සභාපති නික් ක්ලෙග්, ට්විටර් පණිවිඩයක් ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම යුක්රේන රජය සමඟ සම්බන්ධ වී ඇති බවත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි, සමහර රුසියානු රාජ්‍ය මාධ්‍ය සංවිධානවලට අයත් ඒවා ඇතුළුව යුක්රේනයේ ගිණුම් කිහිපයකට ප්‍රවේශය සීමා කර ඇත යනුවෙන් ක්ලෙග් අදහස් පළ කළේය.

රුසියානු රාජ්‍ය පාලිත මාධ්‍ය සීමා කිරීම සඳහා වන අනෙකුත් රජයේ ඉල්ලීම් ද අපි සමාලෝචනය කරමින් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

රුසියාවේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත ප්‍රවේශය ඉවත් කරන ලෙස යුක්රේනියානුවන් ද යෝජනා කර ඇත.

මෙි අතර YouTube සමාගම රාජ්‍ය අනුග්‍රහය දක්වන RT ඇතුළු රුසියානු නාලිකා ගණනාවකට ඔවුන්ගේ අන්තර්ගතය වේදිකාව මත මුදල් ඉපැයීමට ඇති හැකියාව තාවකාලිකව නවත්වන බව CNN වාර්තා කර ඇත.

එය එම නාලිකා සඳහා නිර්දේශයන් සැලකිය යුතු ලෙස සීමා කිරීම වනු ඇති බව YouTube නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එම සමාගම පැවසුවේ නාලිකා මෑත කාලීන සම්බාධක සමඟ සම්බන්ධ වී ඇති බවත්, එම රටේ රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුක්රේනයේ RT සහ අනෙකුත් නාලිකා වෙත ප්‍රවේශය සීමා කර ඇති බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles