සිංගර් ආයතනයේ නවතම සේවාව වෙළෙඳපොළට හඳුන්වාදෙයි

0
664

සිංගර් ශ‍්‍රී ලංකා ආයතනය සිය නවතම සේවාව ලෙස සිංගර් ක්‍රෙඩිට් කාඩ් පත වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.

වීසා ඉන්ටර්නැෂනල් සන්නාමය සමග අනුබද්ධිතව පැවතීම සිංගර් ක්‍රෙඩිට් කාඩ් පතේ විශේෂත්වයක්.

රටපුරා විසිරී ඇති සිංගර් ෆිනෑන්ස් ශාඛාවලින් සහ සියලුම සිංගර් ප‍්‍රදර්ශනාගාරවලින් පාරිභෝගිකයින්ට සිංගර් ක්‍රෙඩිට් කාඩ් පත සඳහා අයදුම් කළ හැකියි.

වෙනත් ඕනෑම ක්‍රෙඩිට් කාඞ් පතකින් ලබාගත හැකි ගෙවීම් පහසුකම් සහ වට්ටම් සිංගර් ක්‍රෙඩිට් කාඩ් පතින් ද ලබාගත හැකි වනවා. වීසා ජාලයට සම්බන්ධ ඕනෑම ඒ.ටී.එම්. යන්ත‍්‍රයකින් මුදල් ද ලබාගත හැකියි.

ලොව පුරා රටවල් 200කට වැඩි සංඛ්‍යාවක මිලියන 14කට වැඩි වෙළෙඳසැල්වලදී ද සිංගර් ක්‍රෙඩිට් කාඞ් පත භාවිත කළ හැකි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here