තවත් ඩීසල් නැව් 2 ක් අද දිවයිනට

0
317

තවත් ඩීසල් නෞකා 2 ක් අද (28) දින මෙරටට ළඟාවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එක් නැවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28,500 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000ක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

අනෙක් නෞකාවේ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 30,300 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

එම නෞකා මෙරටට ළඟා වන්නේ සිංගප්පුරුවේ සිටයි.

විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000කින් යුත් නෞකාවක් ද ලබන මස 8 වැනිදා මෙරටට ළඟාවන බවත් බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,300ක් රැගත් නෞකාවක් පසුගිය (25) වැනිදාත් සිංගප්පූරුවේ සිට මෙරටට ළඟාවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here