රුසියා – යුක්රේන සටන් මැද මෙලොව එළිය දුටු යුක්රේන බිළිඳුන්

0
316

රුසියාවේ ආක්‍රමණය හමුවේ ආරක්ෂාව පතා උමං දුම්රිය මාර්ග සහ ආරක්‍ෂිත බංකර් තුල දිවී ගෙවීමට සිදුව ඇති යුක්රේන වැසියන්ට දුක, ත්‍රාසය සහ භීතිය මැද සිනහ කදුළු උපදවන සතුටුදායක සිදුවීම් වල අත්දැකීම් ලබන්නට අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ ගැබිණි මව්වරුන් දෙදෙනෙකු දී එලෙස ඔවුන් රැඳී සිටි ආරක්‍ෂිත බංකර් දෙකක් තුලදී සිය දරු ප්‍රසුතිය සිදුකර ඇති බවයි යුක්රේන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

දකුණු යුක්රේන නගරයක් වන Kherson හිදී මෙම දරු උපත් දෙක සිදුව ඇති අතර එලෙස ඉපදුනු පිරිමි දරුවන් දෙදෙනෙකු බවත් ඔවුන් සුවසේ පසුවන බවයි එරට සෞඛ්‍ය අමාත්‍ය Olhea Liashko සඳහන් කර සිටියේ.

” ජීවිතය ගලා යනවා… දරුවන් ඉපදෙනවා. කිසිවෙකුට අප පරාජය කරන්න බෑ. අපේ වෛද්‍යවරුන් ගැන මම සතුටු වනවා. ඔවුන් හැකි සෑම දෙයක්ම සිදුකරනවා. මම කිසිදාක සිතුවේ නැහැ වෛද්‍යවරුන් වෙනුවෙන් වෙඩි නොවදින ආරක්‍ෂිත කබා සොයන්න මට සිදුවේවි කියා” යුක්රේන සෞඛ්‍ය අමාත්‍යවරයා එලෙස සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here