විගණන පනත කඩිනමින් සම්මත කරන ලෙස ඉල්ලමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවකයන් විරෝධතාවක නිරත වේ.
පාර්ලිමේන්තු වටරවුම අසළ පාර්ලිමේන්තුව දෙසට වන මාර්ගයේ පදික තීරුව මත වාඩිවී ඔවුන් සාමකාමීව එම විරෝධතාවයේ නිරත වන බව වාර්තාකරු සඳහන් කළේය.
විගණන පනත සම්මත කිරීම තුළින් මහජනාවගේ මුදල් අවභාවිතයට ඇති ඉඩකඩ වැළකෙන බව විරෝධතාවයේ නිරත විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කඳවුම්කරු ඒ.එච්.එම්.එල් අඹන්වල මහතා පැවසීය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන විගණන කොමිසමක් ස්ථාපිත කළද විගණන පනත සම්මත වන තුරු එම කොමිසමේ කටයුතු ද අක්‍රිය තත්ත්වයේ පවතින බව ඔහු සඳහන් කළේය.