සටන් විරාමය ආරක්ෂාවීම සම්බන්ධයෙන් කාශ්මීර වැසියන් සතුටින්

0
413

පකිස්තානය සහ ඉන්දියාව අතර ජම්මු සහ කාශ්මීරයේ දේශසිමාව ආශ්‍රිතව සටන් විරාමය ආරක්ෂාවීම සම්බන්ධයෙන් එහි ජනතාව සිය සතුට ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ වසරක පමණ කාලයක සිට මෙම සටන් විරාමය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

දේශසීමාව ඔස්සේ පකිස්තාන හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමත් ඉන්දීය හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කිරිමත් හේතුවෙන් මෙම කලාපයේ ජීවත්වන සිවිල් වැසියන්ට මහත් දුෂ්කරතාවලට ලක්වීම‍ට සිදුවිය.

මේ පසුබිම තුළ සටන් විරාමය දැඩිව ආරක්ෂා කිරීමට දෙපාර්ශවයම මීට වසරකට පමණ පෙර එකගතාවයක‍ට පැමිණි අතර මේ වනවිට එය සාර්ථකව ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා පවසයි.

විදෙස් වාර්තා සදහන් කරන්නේ සිය ජීවිත සහ දේපළ ආරක්ෂාවීමත් නිදහසේ එදිනෙදා කටයුතු කිරිමට හැකිවීමත් සම්බන්ධයෙන් කලාපයේ ජනතාව මහත් සතුටට පත්ව සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here