පාකිස්තාන පොලිසිය කාන්තාවක වෙඩි තබා මරයි

0
310

පකිස්තානයේ සියල්කොට්හි දී පොලිස් වෙඩි පහරින් කාන්තාවක මියගොස් තිබේ.

එරට වාර්තා සදහන් කළේ, මෙම කාන්තාව සිය පවුලේ අය සමග ත්‍රිරෝද රථයකින් ගමන්ගනිමින් සිටියදී පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ත්‍රිරෝද රථය අණ නොතකා ධාවනය වීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකළ බව පොලිසිය සදහන් කර තිබේ.

එහෙත් මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පොලිස් නිලධාරින් කිසිදු හේතුවක් නොමැතිව තමන් සහ පවුලේ අය ගමන්ගත් ත්‍රිරෝද රථය හඹා විත් වෙඩි තැබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here