චීනයට බෑ කියන්නැයි ඉල්ලීමට ඇමරිකානු දූත පිරිසක් සමඟ ගිනියාවට

0
559

මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන සමක ගිනියාවේ අත්ලාන්තික් සාගර වෙරළ තීරයේ හමුදා කඳවුරක් ගොඩනැගීමේ චීනයේ සැලසුම ප්‍රතික්ෂේප කරන ලෙස දැනුම් දීම සඳහා එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදා නිලධාරීන් පිරිසක් එරටට ගොස් ඇතැයි වාර්තා වේ.

එරට එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසූයේ ජනාධිපති ටියොඩෝරෝ ඔබින්ග් නගුමා ම්බාසෝගෝ සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් මොලී ෆී පසුගියදා මේ පිළිබද සාකච්ඡා කළ බවයි.

චීනයේ යෝජිත කඳවුර ඉදිරියට ගෙන යාමට ඉඩ දීමට එරෙහිව සමක ගිනියාව දැනුවත් කිරීමට එක්සත් ජනපද නිලධාරීන් මෙම සංචාරය තුළ දී කටයුතු කරන බව අන්තර්ජාතික මාධ්‍ය ද වාර්තා කර තිබිණ.

ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන උප-ජනාධිපති ටියෝඩෝරෝ න්ගුමා ඔබියැන්ග් මැංගු, එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ අප්‍රිකානු උපාය මාර්ග උපදේශක ජූඩ් ඩෙවර්මොන්ට් සහ එක්සත් ජනපද අප්‍රිකානු අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් කෙනත් එක්මන් ඇතුළු ඇමරිකානු නියෝජිත පිරිසක්ද මෙහිදී හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here