දේශනයකට ඉඩදුන්නැයි චීනයේ විදුහල්පතිවරයකුට වසර 18ක සිර දඬුවමක්

0
313

වයඹ දිග චීනයේ ෂින්ජියැන්ග් කලාපයේ කොර්ලා හි උසස් පාසලක උයිගුර් ජන වර්ගයට අයත් විදුහල්පතිවරයෙක් උයිගුර් විද්වතුන් දෙදෙනෙකුට දේශනා ඉදිරිපත් කිරීම සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් වසර 18 ක සිරදඬුවම් නියමව සිටින බව වාර්තා වේ.

කෝර්ලා යනු ෂින්ජියැන්ග් උයිගුර් ස්වයං පාලන කලාපයේ දෙවන විශාලතම නගරය වන අතර එය චීනයේ විශාලතම ප්‍රාන්තය වන බෙයින්ගෝලීන් මොන්ගෝල් ප්‍රාන්තයේ අගනුවර වේ.

ෂෙරොප් නම් විදුහල්පතිවරයා තමන් එම ධුරයේ කටයුතු කරන කාලය තුළ, බහු සංස්කෘතික උත්සව ගණනාවක් සංවිධානය කර පැවැත්වූ බවත් එහිදී ඔහු ප්‍රසිද්ධ උයිගුර් විද්වතුන් වන යාල්කුන් රෝසි සහ අබ්දුකාදිර් ජලාලිදින්ට දේශන පැවැත්වීමට ආරාධනා කළ බවත් පැවසේ.

එය පදනම් කරගෙන චීන බලධාරීන් විසින් මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙලෙස සිර දඩුවම් නියම කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here