ජලය ගැන සාකච්ඡාවකට කාන්තාවන් තිදෙනෙකුත් රැගත් ඉන්දීය දූත පිරිසක් පාකිස්තානයට

0
336

ඉන්දූස් ජල ගිවිසුම පිළිබද වාර්ෂික සාකච්ඡාවකට සහභාගිවීම සදහා දස දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය දූත පිරිසක් පකිස්තානයට පිටත්ව යාමට නියමිතව තිබේ.

මාර්තු 01 වන දින සිට 03 වනදා දක්වා පකිස්තානයේ ඉස්ලාමාබාද් හි පැවැත්වෙන මෙවර වාර්ෂික සාකච්ඡාව සදහා පළමුවරට කාන්තා නියෝජනයක් ද ලැබීම සුවිශේෂී වන අතරඉන්දීය නිළධාරිනියන් තිදෙනෙක් ඒ සදහා එක්ව සිටිති.

1960 දී අත්සන් තැබුණු ඉන්දූස් ජල ගිවිසුමට අනුව ඉන්දියාවෙන් ආරම්භ වී පකිස්තානය හරහා ගලායන ගංගාවන්ගේ ජලය බෙදා ගැනීම සදහා එකඟතා රැසක් ඇති කරගෙන තිබේ.

මෙහිදී අදාළ ගංගාවල ජලය ජල විදුලි ව්‍යාපෘති සහ ඇතැම් සීමාවන්ට යටත්ව පරිහරණය කිරීමට ඉන්දියාවට අවස්ථාව ලැබෙන අතර පාකිස්තානයට එහිදී තම අයිතීන් සම්බන්ධයෙන් විරෝධතා මතුකිරීමට අවස්ථාව හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here