අවශ්‍ය සාමය පවත්වා ගැනීම මිස යුද්ධයක් ප්‍රවර්ධනය කිරීම නොවන බව ඉන්දියාව කියයි.

0
271

ඉන්දියාවට අවශ්‍ය සාමය පවත්වා ගැනීම බවත් යුද්ධයක් ප්‍රවර්ධනය කරන තත්වයක් ඇති නොවිය යුතු බවත් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් රුසියානු හමුදා යුක්රේනයේ සිදුකරන මෙහෙයුම් සම්බන්ධයෙන් අදහස් පළකරමින් පවසා තිබේ.

ඉන්දීය රජය යුක්රේනයේ සිටින සිසුන් ඇතුළු පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර, යුක්රේනයේ සිටින සිසුන් ඇතුළු ඉන්දියානුවන් 18,000 ක් පමණ ආපසු ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් ප්‍රකාශ කර ඇත.

යුක්රේන ගුවන් සීමාව වසා දැමීම මධ්‍යයේ කියෙව්හි ඉන්දීය තානාපති කාර්යාලය පවසා ඇත්තේ යුක්රේනයේ සිටින ඉන්දීය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා විකල්ප විධිවිධාන සලසන බවයි.

යුක්රේන ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් විශේෂ ගුවන් ගමන් කාලසටහන අවලංගු කර ඇති බව තානාපති කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here