Wednesday, October 16, 2024

බලුකිස්තානයට ඇමරිකානු ගිනි අවි ලැබුණු හැටි ගැන අනාවරණයක් !

පකිස්තානයේ ක්‍රියාත්මක සටන්කාමී සංවිධානයක් වන බලුකිස්තාන විමුක්ති හමුදාව අතට ඇමරිකාවේ නිෂ්පාදිත නවීන ගිනිඅවි හා යුද උපකරණ හිමිවූ අන්දම පිළිබද විශේෂ කරැණු රැසක් හෙළිදරව් වී තිබේ.

බලුකිස්තාන විමුක්ති හමුදා සාමාජිකයන් විසින් පසුගියදා නොෂ්කි සහ පන්ජ්ගුර් යන ප්‍රදේශවල පිහිටි පකිස්තාන හමුදා කදවුරැ දෙකකට ප්‍රහාර එල්ල කළ අතර ඒ පිළිබද සිදුකළ පරීක්ෂණවලදී ඔවුන් එම ප්‍රහාර සදහා ඇමරිකාවේ නිෂ්පාදිත ගිනිඅවි භාවිතා කළ බවට කරැණු අනාවරණය වී තිබිණ.

ඒ පිළිබද තවදුරටත් කරැණු සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරැ කර ගත් අවස්ථාවේ අතහැර දමා ගිය ඇමරිකානු හමුදාවේ ගිනිඅවි සහ යුද උපකරණ පකිස්තානයේ සටන්කාමී සංවිධානයක් වන බලුකිස්තාන විමුක්ති පෙරමුණ අතටද පත්ව ඇති බවයි.

එම් දාසයඒෆෝ සහ එම්ෆෝඒටූ වර්ගයේ රයිෆල් මෙන්ම අදුරේ නිවැරදිව ප්‍රහාර එල්ල කළ හැකි අධිතාක්ෂණික ලේසර් උපකරණ ද මේ අතර වන අනාවරණය වී තිබේ.

තලේබාන් නැගීම හමුවේ ඇමරිකානු හමුදාව සහ ඇෆ්ගන් ජාතික හමුදාව විසින් අතහැරදමා ගිය නවීන ගිනිඅවි දකුණු ආසියාවේ සහ මැදපෙරදිග සටන්කාමී සහ ත්‍රස්තවාදී සංවිධාන වෙත හිමිවීමේ අනතුරක් ඇති බව ආරක්ෂක විශේෂඥයන් මීට පෙර අවස්ථා ගණනාවකදීම අනතුරැ අගවා තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles