විශෘඛාපට්නම් මෙහෙයුම ඇරඹේ.

0
541

ඉන්දියාවේ විශාඛාපට්නම්හි පැවැත්වෙන මිලාන් 2022 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සාර්ථක ලෙස ආරම්භ වූ එරට මාධ්‍ය වාර්තා කරයි.

දින නවයක් පුරා අදියර දෙකකින් පවත්වනු ලබන මෙම අභ්‍යාසයේ වරාය අදියර පෙබරවාරි 25 සිට 28 දක්වා සහ මුහුදු අදියර මාර්තු 1 සිට 4 ක්‍රියාත්මකයි.

මෙම අභ්‍යාසයට ප්‍රංශය, වියට්නාමය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඇතුළු විදේශීය රටවල් ගණනාවක සිට යුද නැව් පැමිණ ඇති බව පැවසේ.

මිත්‍රශීලී හමුදා අතර මෙහෙයුම් කුසලතා වර්ධනය කිරීම සහ සමුද්‍රීය ක්ෂේත්‍රය අතර වෘත්තීය අන්තර්ක්‍රියා වර්ධනය කිරීම මෙහි අරමුණයි.

මිලාන් යුද අභ්‍යාසය 1995 දී ආරම්භ කෙරැණු අතර එතැන් සිට 2001, 2005, 2016 සහ 2020 හැර අනෙක් සෑම වසරකදීම සාර්ථක ලෙස පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here