ඉන්දියාවට ඇමරිකාවෙන් නිරීක්ෂණ ගුවන් යානා

0
292

ඉන්දීය නාවික හමුදාවේ නිරීක්ෂණ මෙහෙයුම් තවදුරටත් පුලුල් කිරීම සදහා බෝයිං වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානා සැපයීමට ඇමරිකාව පියවර ගෙන තිබේ.

ඇමරිකානු නාවික හමුදාව විසින් භාවිතා කරන බෝයිං පීඑයිට්ඒ නිරීක්ෂණ ගුවන් යානාවල දිගුවක් වන බෝයිං පී එයිටිවන් විශේෂ නිරීක්ෂණ ගුවන් යානා 12 ක් මෙහිදී ඉන්දියාව වෙත සපයා ඇත.

ඒ අනුව ඇමරිකාව හැරැණු විට බෝයිං වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානා සිය ආරක්ෂක කටයුතු සදහා යොදාගන්නා ලොව එකම රට ඉන්දියාව වන අතර ඒ සදහා වැය කර ඇති මුදල ඩොලර් බිලියන 2.1 ක්.

සබ්මැරීන්, නාවික යාත්‍රා, මෙන්ම ගොඩබිම් නිරීක්ෂණයද පුලුල්ව සිදුකළ හැකි මෙම ගුවන් යානාවල ඒ සදහා වන විශේෂිත අධිතාක්ෂණික උපකරණ රැසක් ස්ථාපිත කර ඇතැයි ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here