Wednesday, October 16, 2024

ඩොලර් මිලියන 154ක අල්ලස් ගත් බැංකු ලොක්කෙක්

චීනයේ සිටික් බැංකුවේ හිටපු සභාපති සන් ඩෙෂුන් ඇමරිකානු ඩොලර් මිලියන 154.3 ක අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇතැයි වාර්තා වේ.

ෂින්හුවා පුවත් සේවය වාර්තා කර ඇත්තේ, 2003 සිට 2019 දක්වා කාලයන්හි ඔහු විසින් ණය අනුමැතිය ලබා ගැනීම සහ ණය ලබා ගැනීම වැනි අවස්ථාවලදී ඇතැම් පුද්ගලයන් වෙතින් අල්ලස් ලෙස ඩොලර් මිලියන 154.3 ක් වටිනා මුදල් හා තෑගි ලබාගන ඇති බවයි.

එහිදී ඔහු ඒ පිළිබද සිය පසුතැවිල්ල ප්‍රකාශ කර ඇති අතර ඔහුට එරෙහි දඬුවම් නියම කිරීම පසුව සිදුකිරීමට නියමිතයි.

නැගෙනහිර චීනයේ ෂැන්ඩොංහි අධිකරණයක පසුගියදා මීට අදාළ නඩුව විභාගයට ගෙන ඇති අතර එහිදී ඔහු මෙම වරද පිළිගැනීම සිදුකර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles