ජපන් ආයෝජකයෝ 25 ක් දිවයිනට..

0
369

ජපානයේ ප්‍රධාන පෙළේ සමාගම් විසිපහක් නියෝජනය කරන විධායක ශ්‍රේණියේ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා වූයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්. පුරා දින තුනක් මෙරට රැඳී සිටින මෙම නිලධාරීන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සඳහාත් නව ආයෝජන පෞද්ගලිකව නිරීක්‍ෂණය කිරීමටත් නියමිතයි.

මෙරට සංචාරක කර්මාන්තයට අදාළ නව ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා. මෙම පිරිස හෙට දිනයේ දී මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් දළදා මාළිගය ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටත් කටයුතු කරන බවයි වාර්තා වන්නේ. ඔවුන් පිළිගැනීමේ විශේෂ උත්සවයක් කොළඹ දී අද පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here