මාර්තු 5 න් පස්සෙ විදුලිය කපන්නේ නෑ

0
337

එලැඹෙන පස්වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ​ඊයේ දන්වා ඇත.

මාර්තු මාසය අවසන් වන විට ප්‍රවාහන අර්බුදයද අවසන්ය යථා තත්ත්වයට පත්වනු ඇතැයිද ඔහු විශ්වාය පල කර ඇත.

දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත.

ධීවරයන්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත.

එසේ වාර්තා වෙද්දී දිවයින පුවත්පත තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටමින් සඳහන් කර ඇත්තේ ඊයේ දිනයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබූ ඩීසල් නෞකාව නොවැලැක්විය හැකි හේතුවක් මත අවලංගු කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින වල ඉන්ධන අර්බුදය තවත් දරුණු වනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

නැවතත් ඉන්දන නෞකා මෙරටට පැමිණි පසු පැමිණ ඒවා බෙදා හරින තුරු ඩීසල් හිගය තවදුරටත් පවතිනු ඇතැයිද එකී නිලධාරියා සඳහන් කර ඇත.

ඇතිවී තිබෙන තත්වය මත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම කිරීමේදී සීමා පැනවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

නව ඉන්ධන තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවන් අවස්ථාවක සැමදෙනාටම ඉන්ධන ලබාදිය යුතු නිසා ඉන්ධන සීමා කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here