Thursday, November 14, 2024

වතිකානුවෙිදී කාදිනල් හිමි හා පාප්වහන්සේ හමුවෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අතර හමුවක් වතිකානුවේ ශුද්ධ වූ ශාන්ත පේදුරු බැසිලිකාවේදී ඊයේ (28) දින පැවැත්විණ.

මෙම හමුවේදී කාදිනල් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කරවා ගැනීම සදහා ගෙන යන ජාත්‍යන්තර සටනට අවශ්‍ය සියලු සහාය ලබා දීමට ශුද්ධෝත්තම පාප් වහන්සේ් එකගතාව පළ කොට ඇත.

මෙම හමුව පැයක කාලයක් පුරා පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කාදිනල් හිමිපාණන්ට පාප් වහන්සේ වෙතින් හිමිවූ ඉහළ පිළිගැනීමය.

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු හෝ වේවා පල්ලියේ නියෝජිතයකු හෝ වේවා පාප් වහන්සේ මුණගැසීමේදී සිදුවන්නේ විශාල සාකච්ජා මේසයක එම නිල හමුව සිදුවීමය.

නමුත් මෙවර කාදිනල් හිමියන් සමග පාප් වහන්සේ පැවැත්වූ සාකච්ජාව ඉන් ඔබ්බට ගොස් අතිශය සමීප ආකාරයට පැවැත්වී තිබීම විශේෂ සිදුවීමකි.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ එල්ල වී වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි වින්දිතයන්ට ශ්‍රී ලංකාව තුළදී සාධාරණය ඉටුකරගැනීමට හැකිවේද යන්න පිළිබඳව සැක සංකා මතුව ඇති බැවින් ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය පැතීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් මෙහිදී කාදිනල්තුමන් පාප් වහන්සේ වෙත කරුණු සැල කළ බවයි කොළඹ සහායක රදගුරු ජේ.ඩී ඇන්තනී හිමියන් පැවසුවේ.

ඒ, කොළඹ අගරදගුරු මැදුරේදී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

වසර තුනකට ආසන්න කාලයක් ගතවීත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකිවීම, සාධාරණය ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලාංකික කතෝලික ජනතාව ගෙනයන අරගලය, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව මේ දක්වා ගෙන ඇති පියවරයන් ආදිය සම්බන්ධයෙන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට ගෙනඒමට අදාළ පාර්ශව දක්වන උදාසීනත්වය පිළිබඳව ද කාදිනල්තුමන් පාප්වහන්සේ දැනුවත් කිරීමට නියමිතව සිටි බව ජේ.ඩී ඇන්තනී සහායක රදගුරුතුමන් පවසන ලදි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles