බියර් මිලත් වැඩිවෙයි

0
1275

ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම විසින් අද (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බියර් වල මිල ගණන් සංශෝධනය කර තිබේ.

එම සමාගම විසින් විසින් නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුකරනු ලබන සෑම බියර් වර්ගයකම මිල ගණන් රුපියල් 10 ක් සහ රුපියල් 20 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව,

ලයන් ස්කවුට් මිලිලීටර් 500 මිල රුපියල් 10.00 කින් වැඩිවී ඇති අතර එහි නව මිල රුපියල් 350 කි.

ස්ට්‍රොන්ග් බියර් මිලිලීටර් 500 මිල රුපියල් 10.00 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 340.00 කි.

ලයන් ලාගර් බියර් මිලිලීටර් 500 මිල රුපියල් 10.00 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 220.00 කි.

ක්‍රාස්බර්ග් බියර් මිලිලීටර් 330 මිල රුපියල් 20.00 කින් වැඩි ඇති අතර එහි නව මිල රුපියල් 180.00 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here