Friday, September 20, 2024

පරිපූරක – අතුරු වෛද්‍ය වෘත්තිකයින් යළි වර්ජනයකට සූදානම්න්

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට රජය මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් හෙට සිට දින දෙකක කාලයක් යළි වර්ජනයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

පසුගිය මස 7 වන දා සිට දින 9ක කාලයක් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අඛණ්ඩ වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව ඔවුන් එම වර්ජනය අත්හිට වූ අතර, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ, සාකච්ඡාවේ දී ගත් තීරණ මේ දක්වා ක්‍රියාත්මක නොවීම නිසා යළි වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කළ බවයි.

සියලු ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා, වකුගඩු රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි.

එමෙන්ම, බෝවන රෝග විද්‍යායාතනය, අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය, මධ්‍යම ලේ බැංකුව ද වර්ජනයට එක් කර නොගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles