වගා හානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට රු 50,000ක් ලබා දීමට කැබිනට් අනුමැතිය

0
490

2021 / 2022 මහ කන්නයේ වී අස්වැන්න අඩු වීමෙන් බලපෑමට ලක්වු ගොවීන් ට ඇගයීම දිරි දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කන්නයේ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වූ ගොවීන්ට හෙක්ටාරයකට රුපියල් 50,000 උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මීට පෙර එම ගොවීන් සඳහා වී කිලෝග්‍රෑම් එකකට රු 25ක් බැගින් වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

එම වන්දි මුදල, ඇගයීම් දිරි දීමනාවක් ලෙස උපරිම වගා වපසරිය අක්කර 5ක ප්‍රමාණයකට ලබාදීමට අනුමැතිය හිමිව තිබේ.

යැපුම් මට්ටමේ කුඩා පරිමාණ ගොවීන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ට ද අදාළ ඇගයීම් දිරි දීමනාව ලබාදීමට නියමිතය.

වගා හානි සඳහා වන්දි ගෙවීමට අවශ්‍ය මුදල් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය වෙතින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here