Friday, September 20, 2024

පිරවුම්හල්වල දීර්ඝ වාහන පෝලිම්..ඉදිරි දිනවල ඉන්ධන හිගය උග‍්‍ර වෙයි !

හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල ඩීසල් ඉන්ධන නොමැති විමත් සමග අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට (01) දින ලද ඩිසල් ලිටර් 6600 ලබා ගැනිමට වාහන හිමියන් උදැසන සිට දිගු පොලිම් වල රැදි සිටිහ.

එම ඉන්ධන පිරවුම්හල් වලින් එක් වාහනයකට රු 2000 මුදලකට ඩිසල් ඉන්ධන ලබා දුන් අතර, ඩිසල් නොමැතිව අතරමග නතර වු වාහන වලට ඩිසල් කෑන් වලින් රැගෙන යාමට විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හල අසලට පැමිණ සිටිහ.

හැටන් නගරයෙන් ගමන් ආරම්භ කරන දුර සේවා බස් රථ කිහිපයක් පමණක් (01) දින ධාවනයට එක් කර තිබු අතර , හැටන් ඩිපෝව මගින් ලංගම බස් රථ වැඩි ප්‍රමාණයක් දුර සහ කෙටිදුර ධාවනයට එක් කර තිබුණි.

මෙි අතර ඉදිරි දින දෙක තුනේදී ඩීසල් ඇතුළු ඉන්ධන හිඟය තවත් උග‍්‍රවනු ඇතැයි තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කර තිබෙි.

මෙරටට ගෙනැවිත් තිබු මෙටි‍්‍රක් ටොන් 37,500ක ඩීසල් ප‍්‍රමාණය අවසන් වෙමින් තිබෙන බවත් අද (01) දා හා හෙට (02) යම් ප‍්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කළ පසු ඩීසල් අවසන් විය හැකි බවටත් ගණන් බලා තිබේ. ඉන්ධන හිඟයත් සමග විදුලි අර්බුදයද උත්සන්න විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

එනිසා ඇණවුම්කර තිබෙන සල් නෞකා මෙරටට පැමිණ ඒවා ගොඩබා බෙදාහරින තුරු ඩීසල් හිඟය තවදුරටත් පවතිනු ඇතැයි එම නිලධාරියා පවසා ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.

ඊයේ (28 වැනිද) මෙරටට ළඟා වීමට තිබූ ඩීසල් මෙටි‍්‍රක් ටොන් 38,000 ක් රැුගත් නෞකාව නොවැළැක්විය හැකි හේතුවක් මත අවලංගු වූ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉකුත්දා මෙරටට ගෙනා ඩීසල් මෙටි‍්‍රක් ටොන් 37,500 අඩංගු නෞකාව පසුගිය බදාදා (23) දා නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 35.3ක මුදලක් ලබා දුන්නත් දැනට ඇණවුම් කර තිබෙන නෞකාවලට ඩොලර් සොයා ගැනීම ගැටලූවක් වී තිබේ.

ඒ අනුව මෙරටට ගෙනා මෙටි‍්‍රක් ටොන් 37500ක් අඩංගු නෞකාවේ තිබූ ඩීසල් ලීටර් 6000ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදුන් පසු ප‍්‍රවාහන කටයුතු සඳහා ඉතිරි වූයේ ටොන් 30,000ක් පමණි.

මේ හේතුවෙන් ඩීසල් බෙදා හැරීම සියයට හැටකින් පමණ සීමා කිරීමට තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම කටයුතු කළ අතර ඉකුත් කාලයේ රටපුරා බොහෝ ඉන්ධනහල්වල ඩීසල් පමණක් නොව පෙට‍්‍රල්වල හිඟයක්ද මතුවී තිබිණි.

මෙනිසා කන්ටේනර් රථ 1500ක් පමණද, පුද්ගලික බස් රථවලින් අඩක් පමණද ලොරි රථ 700ක් පමණද ඉන්ධන නොමැතිව ධාවන කටයුතුවලින් ඉවත් කර තිබිණි. මේ අතර ඞීසල් හා පෙට‍්‍රල් අවසන්වීම නිසා බොහෝ වාහන අතරමග නතර වී තිබු බවට අප ප‍්‍රාදේශීය වාර්තාකරුවෝ වාර්තා කරති.

මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබෙන මෙටි‍්‍රක් ටොන් 3500ක් අඩංගු පෙට‍්‍රල් නෞකාවකින් පෙට‍්‍රල් ගොඩබාන බවත් ඇණවුම් කර තිබෙන ඞීසල් නෞකා ඒමට තව දින දෙක තුනක් යනු ඇති බවයත් හෙතෙම සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles