Friday, September 20, 2024

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් හරින් සහ මනුෂ ජිනීවා බලා පිටත් වේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අද (01) අලුයම ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් ප්‍රකාශ කළේ, දැනට සිරගතවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු දැක්වීම සඳහා එලෙස පිටත්ව යන බවයි.

ජිනීවා බලා යාමට පෙර ඔවුන් ප්‍රකාශ කළේ, දැනට සිරගතවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු දැක්වීම සඳහා මෙලෙස පිටත්ව යන බවයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය මේ දිනවල ජීනිවා නුවරදී පැවැත්වේ.

එක්සත් ජාතිනගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

රටේ සිදුවන හොරකම්, වංචා දූෂණ සම්බන්ධයෙන් කතා කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරදීමේ අරමුණ ඇතිව, රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට නිදහස ලබාදෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම් කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය

සමගි ජන බලවේගේ මෙහෙයුම් ප‍්‍රධානී හරින් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරුන් දෙදෙනා අද අළුයම ජිනීවා නුවර බලා පිටත්ව ගිය අතර ගුවන්තොටුපොලේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද සදහන් කළේය.

රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීතුමාට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම් කිරීමට අපිට ජාත්‍යන්තරයට යාමට සිදුව තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ වරදට නිශ්චිත දඩුවමක් නිශ්චිත නැහැ.

ඒ නිසා මාස 48ක දීර්ඝ දඩුවමක් ලබාදී තිබෙනවා.

මේකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ලංකාවේ තවත් ඉහළ අධිකරණයක් නෑ.

රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට සහනයක් ලබාගත හැකි එකම අවස්ථාව වන ජනාධිපති සමාව ලබාගැනීම සදහා අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර ඇතත් ඒ අවස්ථාවත් ලබාදී නැහැ.

රංජන් රාමනාක මැතිතුමාට ලබාදී ඇති දඩුවම අධිකරණයේ දඩුවමකට එහා ගිය දේශපාලන දඩුවමක්ද කියන කතිකාවත සමාජයේ මතුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යම් සහනයක් ලබාගැනීම සදහා තමයි හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීිතුමාත් මමත් ජිනීවා බලා පිටත්ව යන්නේ.

පුද්ගලයෙක්ගේ මානව හිමිකම් කඩවූ විට යන්න තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවු්සිලයයි. එතැනට ගිහින් අපි මේ පිළිබද පැමිණිලි කරනවා.

රටේ නිවරදි විය යුතු තැන් ගැන කතා කළ රංජන් රාමනායකගේ කට වහලා තියෙනවා.

දූෂණ වංචා, හොරකම් ගැන කතා කරන්න ඇති අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමයි රංජන් රාමනායකට නිදහස දෙන්න කියන ඉල්ලීම අරගෙන අපි ජිනීවා බලා යන්නේ

මෙහිදී අදහස් දැක්වූ හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මෙසේ පැවසුවේය.

අපි අද දවසේදී රංජන් රාමනායක කියන අපේ සහෝදරයා වෙනුවෙන්, සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු දෙන්නේක් කරුණු කියන්න යනවා.

අපි රටට කිසිම බාධාවක් දාන්න නෙමෙයි යන්නේ.

රංජන් රාමනායක කියන්නේ එලියේ ඉන්න ඕන අයෙක්.

අපි යන්නේ රට පාවා දෙන්න නෙමයි.

රංජන් රාමනායකට යුක්තිය ඉටු කරන්න තමයි අපි යන්නේ.

හැමදාමත් අපි දෙන්නා යුක්තිය වෙනුවෙන් සටන් කරලා ගුටි කාපු දෙන්නෙක්.

අපි මේකත් කරලා බලනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles