Friday, December 27, 2024

යුක්රේන ජනපති විසින් යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට කළ නිල ඉල්ලීමට අත්සන් තබයි

යුක්රේනය කඩිනමින් යුරෝපා සංවිධානයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රුසියානු හමුදාවන්ගේ ආක්‍රමණයෙන් ආරක්ෂා වීම සදහා යුක්රේනයට විශේෂ ක්‍රියා පටිපාටියක් යටතේ වහාම සාමාජිකත්වය ලබා ගැනීමට ඉඩ දෙන ලෙස එමගින් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබෙි.

ජනාධිපති සෙලෙස්කී විසින් නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින් ඊයේ (28) දිනයේදී අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවා.

ඉල්ලුම්පත්‍රයට අත්සන් තැබීමේ අවස්ථාවට එරට අග්‍රාමාත්‍යවරයා සහ යුක්රේන පාර්ලිමේන්තුවේ ප්‍රධානියාද එක්ව තිබෙනවා.

යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු වුවහොත්, සෙසු සාමාජික රටවලට සෘජුව මැදිහත් වී, යුක්‍රේනයට සහාය පල කරමින් රුසියන් හමුදා සමඟ යුද වැදීම කළ හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

යුරෝපා සංගමයට ඇතුළුවීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි යුක්රේන නායකයා යුරෝපා සංගමයේ බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටි අතර අවසානයේදී ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා වසරකට වැඩි කාලයක් ගතවන නමුත් යුක්රේනයේ මතුව තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් ඔවුන්ට විශේෂ අවස්ථාවක් ලබාදීමට යුරෝපා සංගමයේ බලධාරීන් තීරණය කර තිබේ.

එවැනි විශේෂ ක්‍රියා පටිපාටියක් කෙබඳු වනු ඇත්ද සහ යුරෝපීය නායකයින් වේගවත් විකල්පයකට එකඟ වන්නේද යන්න තවමත් පැහැදිලි නැත. යුරෝපා සංගමයට නව රටවල් එකතු කිරීමේ තීරණය පවතින්නේ කොමිසමේ අදහස් සමඟ සැමවිටම එකඟ නොවන ස්ථාපිත සාමාජික රටවල් සමඟ ය.

යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සඳුදා කියා සිටියේ මෙම කාරණය සම්බන්ධයෙන් සාමාජික රටවල් අතර විවිධ අදහස් පවතින බවයි, AFP වාර්තා කරයි.

2017 සිට, යුක්රේනය EU සමඟ සංගම් ගිවිසුමක කොටසක් වී ඇති අතර, ඔවුන් දෙදෙනා තම ආර්ථිකයන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් වැනි ක්ෂේත්‍රවල සන්ධානගත කිරීමට සහ දේශපාලන සබඳතා ගැඹුරු කිරීමට එකඟ විය. යුක්රේනය ද සමූහයේ නැගෙනහිර හවුල්කාරිත්වයේ සහ යුරෝපීය අසල්වැසි ප්‍රතිපත්තියේ කොටසකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles