මෙරටට ආනයනය කරන අත්‍යව්‍යශ ආහාර ද‍්‍රව්‍ය වල ඇණවුම් සැපයුම්කරුවෝ ප්‍රතික්ෂේප කරති

0
260

ආනයනය කරන අත්‍යව්‍යශ ආහාර ද්‍රව්‍ය වල ණයවර ලිපිවලට මුදල් ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වීම මත ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන රටවල සැපයුම්කරුවන් ඒවා මෙරටට නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කරමින් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, ඩුබායි, නවසීලන්තය ඇතුළු රටක් කිහිපයකම සැපයුම්කරුවන් මෙරටට ආහාර ද‍්‍රව්‍ය නැව්ගත කිරීම මේ වන විටත් ප්‍රතික්ෂේප කර ඇතැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.
මේ වන විට අත්‍යවශ්‍ය ආහාර අඩංගු බහාලුම් 3000 කට ආසන්න ප්‍රමාණයක් ඩොලර් හිගතාවය මත වරායේ හිර වී ඇති බවත් ඒවා ඉක්මනින් මුදා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව රජයට දැන් වු බවද හෙතෙම සදහන් කලේය.

මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 120 ක පමණ මුදලක් අවශ්‍ය වුව ද නැව් ගාස්තු ඉහළ යාම සහ ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යම් හමුවේ එය ඩොලර් මිලියන දෙසිය දක්වා ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here