ඇමරිකාවෙි ප්‍රාන්ත හයක රුසියානු මත්පැන් අලෙවිසැල්වලින් ඉවත් කරන්නැයි ඉල්ලයි

0
276

එක්සත් ජනපදයේ ප්‍රාන්ත හයක බලධාරීන් රුසියානු වොඩ්කා වර්ජනය කරන ලෙස ඉල්ලා තිබේ. ඔරිගන් ,ඔහියෝ, උටා ,ඇලබාමා සහ නිව් හැම්ප්ෂයර්, පෙන්සෙල්වෙිනියා යන එක්සත් ජනපද ප්‍රාන්ත තුනේ බලධාරීන් රුසියානු නිෂ්පාදිත හෝ රුසියානු සන්නාමය සහිත නිෂ්පාදන ඉවත් කරන ලෙස මත්පැන් අලෙවිසැල්වලින් ඉල්ලා තිබේ.

CNN සඳහන් කළ පරිදි, තහනම මූලික වශයෙන් බලපාන්නේ රුසියානු වොඩ්කා විකිණීමට වන අතර එය රුසියාවට සංකේතාත්මක විරෝධය හඟවන්නකි.
රුසියාවේ යුක්රේනය ආක්‍රමණය කිරීම “මානව හිමිකම් කඩකිරීමක්” බව පැහැදිලි කරමින් “සියලු රුසියානු නිෂ්පාදිත නිෂ්පාදන සහ රුසියානු සන්නාම අල්ලා ගන්නා” ලෙස Utah ආණ්ඩුකාර ස්පෙන්සර් කොක්ස් රජය සතු අලෙවිසැල්වලින් ඉල්ලා ඇත.
නිව් හැම්ප්ෂයර් ආණ්ඩුකාර ක්‍රිස් සුනුනු ද එවැනිම ප්‍රකාශයක් කරමින් “රුසියානු මධ්‍යසාර පාන සහ රුසියානු වෙළඳ නාම” නවතන ලෙස ඉල්ලා සිටියේය.
මෙම පියවර බොහෝ දුරට සංකේතාත්මක ය – ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයේ වොඩ්කා වෙළඳපොලේ රුසියාවෙන් නිෂ්පාදන කොටස 1% ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here