Wednesday, September 25, 2024

රුසියන් – යුක්රේන යුද්ධය අතරේ චීනය තායිවානයට පහරදෙන්න යන බවට Newyork Times විශේෂ වාර්තාවක් මගින් හෙළිදරව් කරයි

මේ වන විට ලෝකයේම ඇස් යොමු වී ඇත්තේ යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය දෙසටයි. මෙම යුද්ධය සම්බන්ධයෙන් චීනය නිහඩ පිළිවෙතක සිටී.ඇමරිකාවේ ඔත්තු සේවා ජනපති බයිඩ්න් දැනුවත් කළ විශේෂ හෙළිදරව්වක් ගැන ‘නිව්යෝර්ක් පෝස්ට්’ පුවත්පත විශේෂ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. එයින් කියැවෙන්නේ කුමන්ත්‍රණකාරී ලෙස තායිවානයට පහර දීමට චීනය මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන  ගන්නට යන බවයි.

ෂී ජින්පිං ගේ කුමන්ත්‍රණය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දන්වා ඇති බවත් අඟහරුවාදා ඔහු හදිසි රැස්වීමක් මේ ගැන පැවැත්වූ බවත් පුවත්පත වාර්තා කර තිබේ.
 ඉන් ඉක්බිතිව ඇමරිකානු ආරක්ෂක විශේෂඥයින් සහ විදේශ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් තායිවානයේ අගනුවර වන තායිපේ බලා පිටත්ව ගිය බවද වාර්තාවේ සඳහන්ය. විශේෂත්වය වන්නේ මෙම නියෝජිත පිරිසට අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානී විලියම් බර්න්ස් ද ඇතුළත් වීමයි.

දින කිහිපයකට පෙර ‘නිව්යෝර්ක් පෝස්ට්’ පුවත්පත විශේෂ වාර්තාවක් මගින් කියා සිටියේ යුක්රේනයේ පවතින තත්ත්වයෙන් චීන හමුදාවට ප්‍රයෝජන ගෙන තායිවානයේ ප්‍රධාන හමුදා මෙහෙයුමක් දියත් කළ හැකි බවයි. පෙන්ටගනය සහ සීඅයිඒ ආයතනය ද මේ පිළිබඳව තායිවාන රජයට දැනුම්දී තිබුණි.

චීනයේ දුෂ්ට චේතනාවන් ගැන බයිඩෙන් පරිපාලනය දැනගත් වහාම පෙන්ටගනය දැඩි සීරුවෙන් තබන ලදි.

මෙහි දීර්ඝ කාලයක් හදිසි රැස්වීම් පැවැත්විණි. මෙයින් පසු, අඟහරුවාදා සියලු කරුණු පිළිබඳව ජනාධිපති බයිඩෙන්ට දැනුම් දෙන ලදී. හමුවෙන් පසු ඇමෙරිකානු නියෝජිත පිරිස තායිපේ බලා පිටත්ව ගියහ.

ඇමරිකානු යුද නැව් දැනටමත් තායිවාන සමුද්‍ර සන්ධියේ සහ දකුණු චීන මුහුදේ යොදවා ඇත. ජෝර්ජ් බුෂ් ජූනියර් සහ ඔබාමා සමඟ කටයුතු කර ඇති මුල්ලන්ට චීනයට ප්‍රතිචාර දැක්වීමේ වගකීම පවරා ඇත. මෙම කණ්ඩායමට හිටපු ජාතික ආරක්ෂක උපදේශක මෙගන් සුලිවන් ද ඇතුළත් වේ.

වාර්තාවන්ට අනුව, ඕනෑම අවස්ථාවක චීනය තායිවානයට එරෙහිව කිසියම් හමුදා මෙහෙයුමක් සිදු කළහොත්, එහි සිටින එක්සත් ජනපද නාවික හමුදාව සහ ගුවන් හමුදාව වහාම ක්‍රියාත්මක වනු ඇතැයි ඇමරිකානු නිලධාරීන් සහ පෙන්ටගනය තීරණය කර තිබේ.

Gossiplankanews

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles