Wednesday, September 25, 2024

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්රේනයේ රෑපවාහිනී සංඥා කුළුණට හානි

රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හමුවේ යුක්‍රේනයේ කිව් නුවර ප්‍රධාන රූපවාහිනී සංඥා කුළුණ පුපුරා ගොස් ඇති බවට වාර්තා වෙනවා.

එහිදී “ටීවි රේන්” නමැති එරට ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් සහ ඉකෝ මොස්කව් නමැති ගුවන් විදුලි නාලිකාව විනාශන නැවතී ඇති බව වාර්තා වේ.

එහිදී පුද්ගයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යුක්රේන බලධාරීන් පවසන්නේ කියෙව් අගනුවර ප්‍රධාන රූපවාහිනී කුළුණ රුසියානු ගුවන් ප්‍රහාරයකින් බරපතල හානි සිදුවූ බවයි. කුළුණ ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරය නිසා අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකුවත් මිය ගිය අතර විකාශන කටයුතු ඇණ හිටිණි.

මෙම ප්‍රහාරයේ ප්‍රභලත්වය අනිකුත් ප්‍රදේශයන්ට ද වාර්තා වී අති බවයි බ්‍රිතාන්‍ය මිරර් පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

සංඥා කුළුණ පුපුරා යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ද මේ පිළිබඳව තහවුරු කර තිබෙනවා.

මෙය එරට ප්‍රධාන විකාශන කටයුතු බොහෝමයක් ඇනහිටිමට හේතුවක් වනු ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

යුක්‍රේනයේ අගනුවර සිටින පදිංචිකරුවන් වාහම ඉවත් කරන ලෙසට රුසියාව විසින් අනතුරු අඟවා මිනිත්තු කිහිපයක් ගත වීමටත් මත්තෙන් මෙම ප්‍රහාරය දියත් කර තිබුණා.

අදාළ නාලිකා මඟින් රුසියාව පිළිබඳව අසත්‍ය තොරතුරු විකාශය කරන බවට ලද තොරතුරු මත රුසියාව විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙත් අදාළ නාලිකා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

එම රුපවාහිනි නාලිකා සඳහා ප්‍රහාර එල්ල කළ ද යූ ටියුබ් මඟින් එම නාලිකා විකාශන කටයුතු සිදුකරන බව සඳහන් වේ.

මේ අතර දෙරට අතර පවතින යුධ ගැටුම් නීත්‍යානුකූල ලෙස සමතයකට පත් කර ගැනීමට යුක්රේනයට අවශ්‍යතාවයක් නොමැති බව රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

රුසියාව විසින් රූපවාහිනි කුළුණකට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

දෙරට අතර සාකච්ඡාවක් පසුගිය සඳුදා පැවැති අතර එහිදී එකඟතාවක් නොමැතිව අදාළ සාකච්ඡා අවසන් කර තිබුණි.

මේ අතර ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්‍රේනය වෙත මූල්‍යාධාරි ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඔවුන් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පවතින යුද ගැටුම් හේතුවෙන් යුක්‍රේනය මුහුණදී ඇති තත්ත්වය පිළිබඳ කනස්සල්ලෙන් පසු වන බවය.

ඒ අනුව ඉදිරි සතිය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 350ක් සහ ඉදිරි මාස තුළ ඩොලර් බිලියන 03ක මුදලක් ලබාදීමට නියමිත බව ලෝක බැංකුව සඳහන් කර ඇත.

ඩොලර් බිලියන 2.2ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද යුක්‍රේනයට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ගූගල් සමාගම විසින් “රෂියා ටුඩේ” නමැති රුසියානු ප්‍රවෘත්ති නාලිකාව අවහිර කර තිබේ.

අසත්‍ය තොරතුරු මාධ්‍ය වෙත මුදාහැරිම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව ගූගල් සමාගම සඳහන් කර ඇත.

එමෙන්ම රුසියාවේ ඇතැම් යූටියුබ් නාලිකා සඳහා ගූගල් සමාගම විසින් සීමා පනවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles