Tuesday, September 24, 2024

තවත් දින කිහිපයකින් පැය 12ක විදුලි කප්පාදුවක් ගැන මන්ත්‍රී අශෝක් හෙළි කරයි

මෙරට තව දින කිහිපයකින් පැය 12ක විදුලි කප්පාදුවක් අනිවාර්යෙන්ම සිදු කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

මෙරට සිදුවන විදුලි කප්පාදුවට හේතුව වත්මන් ආණ්ඩුවට ක්‍රමවත් වැඩ පිලිවෙලක් නැති කම බවත් ඒ හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා මුදල් නොමැති බවත් හෙතෙම සදහන් කළේය.

පවතින වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොවන එක හේතුවක් වන්නේ මෙරට රාජ්‍ය වියදමින් සියයට හැට හතරක් රාජපක්ෂවරුන්ගේ අමාත්‍යංශ වලට පමණක් වෙන්කර තිබෙන නිසා බවද හෙතෙම සඳහන් කළේය.

මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවන් කටයුතු සඳහා විරෝධය පළ කිරීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව එම ආයතන වෙත නොයන බවද ඔහු පෙන්වා දුන්නේය.කුරුණෑගල පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles