Tuesday, September 24, 2024

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක් විසින් සකස් කරන ලද රට නිවැරදි මගට ගැනීමේ යෝජනාවලිය අද එළිදැක්වෙි

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක් විසින් සකස් කරන ලද රට නිවැරදි මගට ගැනීමේ යෝජනාවලිය අද සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී එළිදැක්වීමට නියමිතව ඇත.

ඒ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ සහභාගී වීමට නියමිතය.

රට අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත් කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් අප විසින් නිර්මාණය කළ යුතුව ඇති බවත් පෙන්වා දෙන ඉහත පක්ෂවල නායකයෝ මේ දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කරන බව ද සදහන් කරයි.

වත්මන් ආණ්ඩුවේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද මීට එක්වීමට සූදානමින් සිටින බව මේ වනවිට දැනගන්නට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles