රුසියාව හා යුක්රේන ගැටුම් හේතුවෙන් ලංකාවේ තේ කර්මාන්තයට අහිතකර බලපෑම්

0
266

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් දෙරටේ ම ඇති වී තිබෙන ආර්ථික පරිහානිය මෙරට තේ කර්මාන්තය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ගෙවීගිය පසුගිය වසරේ දී රුසියාව මෙරට තේ කිලෝග්‍රෑම් මිලියන 29.7ක් මිල දී ගත්තේ ඉරාකය සහ තුර්කියට පසු තුන්වන විශාලතම ගැනුම්කරු ලෙසින්ය.

මේ වසරේ ජනවාරි මාසයේදී ද රුසියාව තේ කිලෝග්‍රෑම් මිලියන 2.5ක් මිල දී ගත්තේය. ඒ අනුව පසුගිය මාසයේ මෙරට තේවල දෙවන විශාලතම ගැනුම්කරු වූයේ රුසියාවයි.

යුක්රේන ආක්‍රමණ හමුවේ බටහිර රටවල් පැනවූ සම්බාධක හේතුවෙන් රූබලය ඊයේ සියයට 30කින් පමණ පහත වැටුණා.තවද රුසියාව ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවමාරු ක්‍රමවේදයෙන් ඉවත් කිරීමටද බටහිර රටවල් තීරණය කළේය.

එරට ඇමරිකානු ඩොලරයට එරෙහි ව රුසියානු රූබලයේ අගය මේ වනවිට වාර්තාගත ලෙසින් පහත වැටී ඇත.මෙනිසා රුසියානු ගැනුම්කරුවන්ට මෙරට තේ නිෂ්පාදන සදහා ඔවුන් කලින් ලබාදුන් ඩොලර් ප්‍රමාණය ලබාදීම දුෂ්කර වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here